විදේශ රැකියා සම්බන්ධ වංචාවකට විදේශ සේවා කාර්යාංශයේ හිටපු නිලධාරියෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත්කර ඇති රියදුරෙක් විසින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා සිදුකල මහා පරිමාණ වංචාවට සම්බන්ධයෙන් ඔහුට සහය වූ එම කාර්යාංශයේ සේවය කර ඉන් ඉවත්වු තවත් නිලධාරියෙක් ඊයේ දින (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි ඔහු ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ දින කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය වෙත කැඳවා ඇති අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

අදාළ රියදුරු මේ වන විට විමර්ශන නිලධාරීන් මඟ හරිමින් සැගවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුලුල් විමර්ශන මෙහෙයවනු ලබනවා.

මෙම වංචාවට සම්බන්ධ තවත් කාන්තාවක් මීට පෙර විමර්ශන නිලධාරීන් විසින් අවිස්සාවෙල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක විම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව විශේෂ පොලිස් ඒකකයක් පසුගියදා පිහිටුවන ලද අතර මේ වන විට එම ඒකකයට පැමිණිලි අඛණ්ඩව ලැබෙමින් පවතින බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය ගැන නාමල්ට කතා කරන්නවත් අයිතියක් නෑ - විහිළුවක්
04:28
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හෙළිදරව්වක්
03:26
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට නඩු ඉක්මන් වෙන්නේ නෑ - ඔයාලා පොරොන්දු වුණේ පැච් දාන්න නෙවෙයි
14:15
Video thumbnail
අනීතිකව සුඛෝපභෝගීව ජීවත් වෙන්න ගිහින් විනාශ වෙන්න එපා - වසර 5 - 20 දක්වා සිර දඬුවම් දෙන්න වෙනවා
04:23