විදේශ ප්‍රේෂණවල 68.8%ක වර්ධනයක්

මෙම වසරේ මුල් මාස 09 තුළ ඉකුත් වසරේ එම කාලයට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 68.8%ක වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ට්විටර් පණිවුඩියක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස 09 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් මිලියන 4345.1ක් ලෙස දැක්වෙන බවයි.

පසුගිය 2022 වසරේ එම කාලය තුළ ප්‍රේෂණ ප්‍රමාණය දැක්වුණේ ඩොලර් මිලියන 2574.7ක් ලෙසින්.

මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ඇමරිකා ඩොලර් මිලියන 482.4ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මාසය තුළ එම අගය දැක් වුණේ ඇමරිකා ඩොලර් මිලියන 359.3ක් ලෙසටයි.

මෙම වැඩිවීම විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට උපකාරී වන අතර වෙළෙඳ හිඟය පියවා ගැනීමට සහ වේගවත් ප්‍රකෘතිමත් වීම සඳහා ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීමට මෙන්ම ආර්ථික වර්ධනයට හේතු වනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14