විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවකට කැබිනට්ටුවේ අවසරය

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා – පැසිෆික් කලාපයේ සාමාජිකයෙකු වශයෙන් මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය විසින් සකස් කරන ලද මුදල් විශුද්ධිකරණය, ත්‍රස්වාදයට මුදල් සැපයීම සහ ව්‍යාප්ත මූල්‍යකරණයට එරෙහි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරිමට සහ බලාත්මක කිරීමට කැප වී සිටිනවා.

එහි සාමාජිකත්ව නීතිවලට අනුකූලව මූල්‍ය ක්‍රියාකාරි කාර්යසාධක බලකායේ ප්‍රමිතීන්ට අනුකූල වීමේ මට්ටම තීරණය කිරීම සඳහා සෑම වසර 06කට වරක් “අන්‍යෝන්‍ය ඇගයීම්” නමින් හැඳින්වෙන අන්‍යෝන්‍ය සම සමාලෝචන ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව යටත් වනවා.

ශ්‍රී ලංකාවට අදාළ 3 වන ඇගයීම සඳහා සකස් කරනු ලැබ ඇති ක්‍රියාකාරී සැලැස්ම අනුව, විදේශ කටයුතු විෂයභාර අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178 (2014) කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සහ දේශීය නීති සම්පාදනය මඟින් එම යෝජනාවේ විධිවිධාන බලාත්මක කිරීමට කටයුතු කළ යුතු වනවා.

ඒ අනුව, 2026 මාර්තු මාසයට පෙර විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් පිළිබඳ නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරුණේ.

එබැවින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) පදනම් කරගෙන විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම පිණිස නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39