විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවකට කැබිනට්ටුවේ අවසරය

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා – පැසිෆික් කලාපයේ සාමාජිකයෙකු වශයෙන් මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය විසින් සකස් කරන ලද මුදල් විශුද්ධිකරණය, ත්‍රස්වාදයට මුදල් සැපයීම සහ ව්‍යාප්ත මූල්‍යකරණයට එරෙහි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරිමට සහ බලාත්මක කිරීමට කැප වී සිටිනවා.

එහි සාමාජිකත්ව නීතිවලට අනුකූලව මූල්‍ය ක්‍රියාකාරි කාර්යසාධක බලකායේ ප්‍රමිතීන්ට අනුකූල වීමේ මට්ටම තීරණය කිරීම සඳහා සෑම වසර 06කට වරක් “අන්‍යෝන්‍ය ඇගයීම්” නමින් හැඳින්වෙන අන්‍යෝන්‍ය සම සමාලෝචන ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව යටත් වනවා.

ශ්‍රී ලංකාවට අදාළ 3 වන ඇගයීම සඳහා සකස් කරනු ලැබ ඇති ක්‍රියාකාරී සැලැස්ම අනුව, විදේශ කටයුතු විෂයභාර අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178 (2014) කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සහ දේශීය නීති සම්පාදනය මඟින් එම යෝජනාවේ විධිවිධාන බලාත්මක කිරීමට කටයුතු කළ යුතු වනවා.

ඒ අනුව, 2026 මාර්තු මාසයට පෙර විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් පිළිබඳ නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරුණේ.

එබැවින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) පදනම් කරගෙන විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම පිණිස නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00