විදේශ ගමන් බලපත්‍ර සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ලබන සතියේ සිට

විදේශ ගමන් බලපත්‍ර සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබන බ්‍රහස්පතින්දා (15) සිට ඉදිරිපත් කළ හැකි බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.

විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ මාර්ගගත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති තීරණයේ කොටසක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නව ක්‍රියාවලියේ අරමුණ වන්නේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දින තුනක කාලයක් තුළ විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ නිවාස වෙත ලබා දීම සහතික කිරීමයි.

විදේශ ගමන් බලපත්‍ර කාර්යක්ෂමව බෙදා හැරීමට පහසුකම් සැලසීම සඳහා දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50කට අවශ්‍ය පහසුකම් ද සපයා තිබෙනවා.

නව ක්‍රමවේදයට අනුව අයදුම්කරුවන් තම අයදුම්පත් ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර අවශ්‍ය ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාව හරහා ඔවුන්ගේ නිවසටම යැවීමටයි සැලසුම් කර ඇත්තේ.

www.immigration.gov.lk වෙත පිවිස, ‘විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන්න’ තෝරාගෙන සපයා ඇති තොරතුරු වලංගු කිරීමෙන් පුද්ගලයන්ට තම නිවෙස්වල සිටම විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කළ හැකියි.

පෝරමයේ මෘදු පිටපත උඩුගත කිරීමට පෙර, අයදුම්කරුවන්ට තමන් කැමති කඩිනම් ‘දින 03 සේවාව’ හෝ සම්මත ‘සති 02 සේවාව’ ද යන්න සඳහන් කිරීමට ද හැකියාව පවතිනවා.

මෙයින් පසුව, අයදුම්කරුවන් තම ඇඟිලි සලකුණු ලබා දීම සඳහා ඔවුන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිය යුතු අතර ලංකා බැංකුව විසින් පිරිනමනු ලබන මාර්ගගත ක්‍රමය හරහා අවශ්‍ය ගෙවීම් කළ යුතුයි.

නිවසේදී ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි අයට අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීමට සහ අවශ්‍යතා සපුරා ගැනීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ඇති බලයලත් ඡායාරූප මැදිරියකට පිවිස එක කටයුතු සිදු කර ගැනීමට හැකියාව පවතිනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ තම ඇඟිලි සලකුණු ලබා දීමෙන් පසු අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීමේ දුෂ්කරතා ඇති වුවහොත් විකල්ප ගෙවීම් පහසුකම් ද ලබාදී තිබෙනවා.

අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නම් කරන ලද අංකයක් ලබා දෙන අතර එය ලංකා බැංකුවට ඉදිරිපත් කර ගෙවීම් සිදු කළ හැකියි. පසුව එම මුදල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට යොමු කෙරෙනවා.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී බාධා ඇති කරන තැරැව්කරුවන්ගේ ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර වශයෙන් මෙන්ම ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
2
+1
23
+1
1
+1
2
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23