විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමට පූර්ව ලියාපදිංචිය අනිවාර්යයි (වීඩියෝ)

විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමට හෙට (19) සිට පූර්ව ලියාපදිංචි වීම අනිවාර්යය කර තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ ගමන් බලපත්‍ර ලබා දෙන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බවයි.

ඒ අනුව හෙට සිට දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමකින් තොරව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි බව දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

ගමන් බලපත්‍ර අයදුම්කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදු කළ යුතුයි.

ගමන් බලපත්‍රයක් හිමි මෙන්ම නව අයදුම්කරුවන් සඳහා ද ලියාපදිංචි වීමේ අවස්ථාව පවතිනවා.

ඒ අනුව මෙතෙක් පැවති ගමන් බලපත් අයදුම් කිරීමේ ක්‍රමවේදය අදින් අවසන් වනු ඇති.

ලියාපදිංචි වීමෙන් පසු ගමන් බලපත්‍ර ලබා දෙන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුවයි.

දැනට වලංගු ගමන් බලපත්‍රයක් තිබීම, ගමන් බලපත්‍රයේ වලංගු කාලය මාස 6කට වඩා අඩුවීම , එම ගමන් බලපත්‍රය මෑතකදී විදෙස් ගමන් සඳහා භාවිත කර තිබීම යන කරුණු ප්‍රමුඛතාවය ලබා දීම සඳහා සලක‍ා බැලෙනවා.

ලියාපදිංචි වීම සඳහා වලංගු ජාතික හැදුනුම්පත් අංකයක් තිබීම, වලංගු ජංගම දුරකතන අංකයක් තිබීම අවශ්‍ය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එක් වලංගු හැඳුනුම්පත් අංකයක් භාවිත කළ හැක්කේ අදාළ අයදුම්කරුගේ සහ එක් දරුවෙකුගේ අයදුම්පතක් සඳහා පමණයි.

එක් ජ‍ංගම දුරකතන අංකයක් උපරිම ලියාපදිංචි වීම් 2ක් සඳහා භාවිත කළ හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

සුදුසුකම් සම්පූර්ණ කළ අයදුම්කරුවන් අනුමත ඡායාරූපාගාරයකින් ලබා ගත් ඡායාරූප රිසිට්පත සමග www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිය සිදු කර ගත යුතුයි.

එම ලියාපදිංචිය සාර්ථක වුවහොත් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා දිනයක් කෙටි පණිවුඩයක් ඔස්සේ දැනුම් දෙනු ඇති.

අදාල කෙටි පණිඩුවයට අනුව ඔබට ලබා දී ඇති දිනයේ මධ්‍යන 12ට පෙර පැමිණීම අනිවාර්ය වන අතර එදින පැමිණීමට නොහැකි වන්නේ නම් වෙන් කර ඇති අවස්ථාව අහිමි වනු ඇත.

දැනට ඔබ සතුව වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තිබේ නම් සහ එහි වීසා පිටු ඉතිරිව ඇත්නම් නුදුරු අනාගතයේදී E ගුවන් ගමන් බලපත් ක්‍රියාත්මක වන තෙක් ඔබ සතු ගමන් බලපත්‍රය භාවිත කිරීම වඩා යෝග්‍ය බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පූර්ව ලියාපදිංචි ක්‍රමවේදය එක් දින සේවාවට මෙන්ම සහ සාමාන්‍ය සේවාවට ද බලපැවෙත්වෙනවා.

හෙට (19) සිට දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමකින් තොරව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි බව දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39