විදේශ ගතව සිටි අපරාධකරුවෙක් බිරිඳ සමඟ කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

විදෙස් ගතව සැඟව සිටි අපරාධකරුවෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වෙඩි තැබීමට උත්සාහ කිරීම්, ගිනි අවි ළඟතබා ගැනීම, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි අයෙක් බවයි.

විදේශ ගතව සිටි මෙම සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුව ඔහුව මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුවයි කටුනායක ගුවන් තොටුපොළේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

30 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු සමඟ ඔහුගේ බිරිඳ බව කියන 25 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මොවුන් දෙදෙනා මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57