spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් සංචිත වැඩි වුනේ නැහැ…

මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බවට මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකළේ අසත්‍ය ප්‍රකාශයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්යය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

චීනයෙන් ලැබුනු ණයක් ඩොලර් වලට හරවා ගැනීමට කල සැලසුම අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ හිතේ ඇදුනු ෆැන්ටසියක් බවත් එක සාර්ථක වේද අසාර්ථක වේද යන්න කිසිවෙක් නොදන්නා බවත් ඇය මෙහිදී පවසා සිටියා.

මහබැංකුවේ අධිපතිවරයා කළ ප්‍රකාශය ඔහුගේ මනසේ ඇඳුනු හිතලුවක් පමණක් බවයි මන්ත්‍රිවරිය පවසන්නේ.

හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කලේ ඊයේ පස්වරුවේ මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින්.

පැයෙන් පැය දුරකථනය වෙත ලැබෙන පණිවිඩ දෙස බැලීමේදී අදවනවිට රටේ යථාර්ථය හොඳින් අවබෝධ වන බවද ඇය මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?