විදෙස් සංචාරක කතට රහසඟ පෙන්වූ කඩල වෙළෙන්ඳා අද අධිකරණයට

ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් සංචාරක කාන්තාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධව පොලිසිය විසින් සෙවූ සැකකරු ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබුවා.

තිරුක්කොවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු සැකකරු පොතුවිල් පොලිසියට භාරදිමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ දී පොතුවිල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

විදේශ ජාතික කාන්තාවකට යම් පුද්ගලයෙකු විසින් ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය දිනවල සංසරණය වුණා.

එහි දැක්වෙන්නේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යන විදේශීය කාන්තාවකට පුද්ගලයෙකු සිය ලිංගික අවයව පෙන්වන ආකාරයයි.

ඒ, අනුව පොලිසිය මෙම සැකකරු සොයා විමර්ශන ආරම්භ කළ අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පැතුවා.

මාධ්‍ය හරහා අදාළ වීඩියෝ පටය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් වීමත් සමඟ මෙම සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්ඳෙකු බවට සමාජ මාධ්‍ය හරහා පොස්ටුවක් සංසරණය වී තිබෙනවා.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඊයේ (16) සවස් කාලයේ පෙරියනිලාවේනි පොලිස් වසමේදී අත්අඩංගුවට ගැනුණු අතර, මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 25ක විවාහක පුද්ගලයෙක්.

එල්ලෙයි වීදිය, කළු වංචිකුඩි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අදාළ විදේශීය ජාතික කාන්තාවට මෙම අපරාධය 2025.10.25 වන දින සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුගේ ස්වරූපය වෙනස් කරමින් පදිංචි ස්ථානය වෙනස් කරමින් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා කටයුතු සිදුකරමින් සිට ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30