විදෙස් සංචාරක කතට රහසඟ පෙන්වූ කඩල වෙළෙන්ඳා අද අධිකරණයට

ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් සංචාරක කාන්තාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධව පොලිසිය විසින් සෙවූ සැකකරු ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබුවා.

තිරුක්කොවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු සැකකරු පොතුවිල් පොලිසියට භාරදිමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ දී පොතුවිල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

විදේශ ජාතික කාන්තාවකට යම් පුද්ගලයෙකු විසින් ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය දිනවල සංසරණය වුණා.

එහි දැක්වෙන්නේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යන විදේශීය කාන්තාවකට පුද්ගලයෙකු සිය ලිංගික අවයව පෙන්වන ආකාරයයි.

ඒ, අනුව පොලිසිය මෙම සැකකරු සොයා විමර්ශන ආරම්භ කළ අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පැතුවා.

මාධ්‍ය හරහා අදාළ වීඩියෝ පටය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් වීමත් සමඟ මෙම සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්ඳෙකු බවට සමාජ මාධ්‍ය හරහා පොස්ටුවක් සංසරණය වී තිබෙනවා.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඊයේ (16) සවස් කාලයේ පෙරියනිලාවේනි පොලිස් වසමේදී අත්අඩංගුවට ගැනුණු අතර, මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 25ක විවාහක පුද්ගලයෙක්.

එල්ලෙයි වීදිය, කළු වංචිකුඩි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අදාළ විදේශීය ජාතික කාන්තාවට මෙම අපරාධය 2025.10.25 වන දින සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුගේ ස්වරූපය වෙනස් කරමින් පදිංචි ස්ථානය වෙනස් කරමින් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා කටයුතු සිදුකරමින් සිට ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01