spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් ශ්‍රමිකයින් නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 537.3ක් එවලා

විදේශ ගත ශ්‍රමිකයින් නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 537.3ක් ශ්‍රී ලංකාවට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

රටේ තරුණ තරුණියන්ට ඊශ්‍රායල රැකියා අවස්ථා හිමිවන විට, එරට සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නතර කරන ලෙසට පාර්ලිමේන්තුවට ඇතැම් දේශපාලඥයින් යෝජනා කරන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් වන තරුණයින් රජයේ රස්සාවට, ටකරම් කොලයට හෝ වැසිකිලිවලට රවටා ගැනීමට නොහැකි නිසා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එදා වඳ යට ඇදුම්, වඳ කොත්තු පෙන්වා ජාතිවාදී ලෙස ඡන්දය ලබාගත් ආකාරයට මෙදා මුස්ලිම් ජනතාව රවටා ඡන්දය ලබාගැනීමට මොවුන් කටයුතු කරන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළා.

එදා ආර්ථික ඝාතකයින් ලෙස නම් පටබැදුන මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර අද නිදහසේ සිටින අතර දේශපාලඥයින් පමණක් ප්‍රශ්ණවලට මුහුණදෙන බවයි ගාල්ලේදී පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

රට අර්බුදයට ලක්වුන අවස්ථාවේදී, තමන්ගේ ආර්මාර්ථය වෙනුවෙන් හිතලා වගකීම් භාරගන්න බැහැ කියපු අය සිටියදී කොන්ද තියෙන නායකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාරගත්තා. අද තියෙන තැනට රට අරගෙන ආවාට එතුමාට අපි කෘතවේදිත්වය පළ කරන්න ඕන.

එදා තිබුණ රට අද තිබෙන තැනට අරගෙන එන්න අපි නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කළා. නිවරදි ක්‍රමයට රටට සල්ලි එව්නන කියලා ඉල්ලුවා. විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන බලපත්‍ර අරගෙන ආවා. අපි නොවැමිබර් මාසයේදී ඩොලර් මිලියන 573ක් මේ රටට ගෙනත් තියෙනවා. මේ අවුරුද්දේදී විතරක් ඩොලර් බිලියන 5.4ක මුදලක් රට ඇතුළට අරගෙන ඇවිත් තියෙනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. විදේශ ගත ශ්‍රමිකයින් හරි විදිටය රට ඇතුළට සල්ලි අරගෙන ආපු නිසා තමයි පෝලිම් නැති කරන්න පුලුවන් වුනේ. මිල වැඩි වුනත් තෙල් ටික රටට ගේනනේ මේ අය නිසා. රජයක් විදියට අපිට කෙලෙහිගුණය දක්වන්න මනුස්සකමක් තියෙන්න ඕන.

විදේශ ගත ශ්‍රමිකයින්ට තමන්ගේ කෙලෙහිගුණය ඉටු කිරීමේ වගකීමක් තියෙනවා. ගොඩක් අයට කෙලෙහිගුණ මතක නෑ. එතැනට එන්න උදව් කළ විදේශ ගත ශ්‍රමකයින් වෙනුවෙන් තමයි මනුසවි දිරිය වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

රටට වැඩියෙන්ම ඩොලර් එන්නේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම. විදේශ ගත ශ්‍රමිකයන් රටට ඩොලර් එව්වාට, එක ඩොලරයක්වත් එළියට යන්නේ නෑ. මේ ඩොලර් ආදායම සියයට 100ක්ම රට ඇතුලේ රැදෙනවා.

එදා මිනිස් බෝම්බ ලංකාවට ගේන්න එපා කියලා, හෝටල් නිරෝධායනයෙන් මුදල් ගසා කෑවා. ඒ යුගය අවසන් කරලා අපි ගුවන්තොටුපොලේදී හෝප් ගේට් නමින් විශේෂ ද්වාරයක් හදුන්වා දුන්නා. විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ශ්‍රමිකයාට විශ්‍රාම වැටුපක් හදුන්වා දුන්නා. ගුවන්තොටුපොලේදී තීරු බදු සහනය ඉහළ දැමීමට අපි ගැසට් ගැහුවා. ඒත් ඇතැම් නිලධාරීන් නිසා ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. රටට ඩොලර් එවපු ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදුන්නා. වාහන නමසීයක් අපි ගෙන්වා තිබෙනවා. ඒ සදහා වන කාලය දිර්ඝ කිරීමට ජනාධිපතිතුමා නියෝග කළත් ඇතැම් නිලධාරීන් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ ඔවුන් කෙලෙහිගුණ දන්නේ නැති නිසා.

මේ රට කඩාගෙන වැටුන එකට පී.බී.ජයසුන්දරට ආර්ථික ඝාතකයා කියලා කිව්වා. විමල් වීරවංශ තමයි ඒක කියන්න පටන් ගත්තේ. හැබැයි එතුමා අද හොදට ඉන්නවා. උසාවියෙන් නඩු දාලා, ප්‍රශ්ණ වෙලා තියෙන්නේ කාටද? ඒ ප්‍රශ්ණ වෙලා තියෙන්නේ දේශපාලඥයින්ට. හැබැයි ඔය කියපු ආර්ථික ඝාතකයා කිසිම ප්‍රශ්ණයක් නැතිව ඉන්නවා.

මේ රට ගොඩ නගන්න නම් අපි හැමෝම එකට එකතුවෙන්න ඕන. හැමෝම රට ගොඩ නගන්න උදව් කරපු විදේශ ගත ශ්‍රමිකයින්ට අපි ව්‍යවසායකත්වය ගොඩ නගලා කෙලෙහි ගුණ සලකනවා. අපේ රටේ බදු ගෙවන ප්‍රතිශතය ඉතාම අඩුයි. සේවක භාරකාර අරමුදල් ගෙවන පිරිස ඉතාම අඩුයි. ඒ කියන්නේ රටේ ව්‍යවසායකයෝ ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. රටක් දියුණු වෙන්න ඕන නම් ව්‍යවසායකයින්ගේ සංඛ්‍යාව ඉහළ දාගන්න ඕන.

88- – 89 කාලයේදී කොරියාව ආර්ථික වශයෙන් කඩාගෙන වැටුනා. ඒ රටේ ජනතාව රස්සා හොයාගෙන මැදපෙරදිග රටවලට ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න ඕන තැනට ගියා. පිටරටවලට ගියපු අය මූලික ධනයක් අරගෙන ඇවිත් තමන්ගේ රටට ආවා. ධනයත් එක්ක දැනුම අරගෙන ආවා. ඇවිත් නිෂ්පාදන ආරම්භ කළා. අද කොරියාව මහා විශාල කර්මාන්ත පුරයක් බවට පත් වෙලා තියෙන්නේ විදේශ රටවලට ගිය අය තමන්ගේ රටට ඇවිත් ආරම්භ කළ ව්‍යාපාරවලින්.

කොරියාවු අවුරුදු 30කට කලින් මුහුණ දුන්න වගේ තත්වයකට තමයි ලංකාව අද මුහුණ දෙන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුව ව්‍යවසායකත්වය වැඩි කිරීම සදහා කටයුතු කරන්නේ. ඵලදායිතා ලේකම් කාර්යාලය හරහා හැම ඵලදායිතා නිලධාරියෙක්ම, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම එක ව්‍යවසායකයෙක් නිර්මාණය කිරීමේ වැඩකටයුත්ත සිදුවෙනවා. ගාල්ලේ දිසාපතිතුමා දිස්ත්‍රික්කය ඇතුලේ ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට කටයුතු කරමින් යනවා. දේශපාලන මත පැත්තකට දාලා රට ගොඩ නැගීමට එකතුවෙලා වැඩ කරන්න ඕන. ආර්ථික ඝාතකයෝ නොවී ආර්ථිකයකට ශක්තියක් වන නිලධාරීනුත් අපිට ඉන්නවා. ඒක සතුටුයි. ඒ අය එක්ක මේ රට ගොඩ නගන්න පුලුවන්.

හයිවේ එකේ මම එනකොට ටිකට් එකෙ දුන්නේ තරුණයෙක්. මේ අය බදවා ගන්න විට ගණිතය, විද්‍යාව, සිංහල විශිෂ්ඨ සාමාර්ථ ඉල්ලුවා. වැඩ අටම සමත් වෙලා උසස් පෙළ සමත්වෙන්න ඕන කිව්වා. ටිකට් එකක් කඩලා මාරු සල්ලි දෙන්න මේ තරම් සුදුසුකම් තියෙන අය අවශ්‍යද? රාජ්‍ය සේවයට දාහත් ලක්ෂයක් බදවා ගන්නම් ඒවාට ඉඩ දුන්නේ දේශපාලඥයින් විතරද? ඒවට අනුමැතිය දීලා අත්සන් ගැහුවේ කවුද? දැන් මේ ආකාරයට බදවා ගනිපු තරුණයෝ වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලලා විරෝධතා කරනවා. මේ අය හොද රස්සාවක් කරලා රජයේ රැකියාවලට ආවේ. වෙන රටවල අවුරුදු හතලිහ හතලිස් පහ පැනපු අය තමයි ටිකට් කවුන්ටරවලට දාලා ඉන්නේ. හැබැයි අපේ රටේ තරුණයෝ තමයි මේවාට දැම්මේ. මේවා කළේ දේශපාලඥයින් කියලා වරදවා හිතන්න එපා. මේවා වෙනස් කිරීමට මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව තියෙනවා. රාජ්‍ය සේවකයින් ලක්ෂ දාහතක් වෙනකම් බදවා ගත්තේ ඔය මුදල් අමාත්‍යාංශයේ තියෙන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අරගෙන තමයි. අද මේ අපේ මානව සම්පත නිවරදි ලෙස කළමනාකරණය නොකිරීමේ සම්පූර් වගකීම, ශ්‍රම සම්පත විනාශ කිරීමේ වගකීම උපන්දා සිට එම ආයතනවල ඉන්න නිලධාරීන් භාරගන්න ඕන. හැබැයි කාගේ ගෙවල්ද ගිනි තියන්නේ? කාටද බනින්නේ? දේශපාලඥයින්ට. මේ ක්‍රමය රට වෙනුවෙන් වෙනස් කරගන්න ඕන වෙලාව ඇවිත් තියෙන්නේ.

අද ඊශ්‍රායලයට විශාල පිරිසක් යන්න සූදානම් වෙලා ඉන්නෙවා. යුද්ධයක් රටේ කොනක තිබියදීත් තරුණයෝ මේ රස්සාවලට යන්නේ තවමත් ආර්ථික වශයෙන් අමාරු නිසා තමයි. යාපනයේ යුද්ධය තියෙද්දී ගාල්ලේ, කොළඹ දුරාවාරයේ සිදුවීම් වාර්තා වුනා තමයි. ඊශ්‍රායලය හා ලංකාව අතර පැවති ගිවිසුම් අනුව අපි ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් දස දහසක් යැවීමට එකගතාවය දැක්වූවා. අපි නොබැදි රටක් විදියට ශ්‍රමිකයින් ලබාදෙන්නම් කියලා කිව්වා. මුලින්ම කෘෂි ක්ෂේත්‍රයට දස දහසක්, ඉන් පසුව ඉදිකිරීම් ක්ෂේත්‍රයට තවත් විසි දහසක් යැවීමට කටයුතු කරනවා.

වෙබ් අඩවියේ ලියාපදිචිවූ තරුණ තරුණයින්ට, මහජන නියෝජිතතයින් තමන්ගේ ප්‍රදේශවල සිටින දුප්පත් දරුවන් තෝරා දුන්නා. අපි ඔවුන්ට අවස්ථාව ලබාදෙනවා. ඒ අතරේ සාටක දාගෙන පාර්ලිමේනතුවට ආපු සමහරු ඊශ්‍රායලයට අපේ තරුණ තරුණියන් යවන්න එපා කියලා කියනවා. අපි පලස්ථානයේ හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයට ඇවිත් සිවිල් වැසියන් ඝාතනය කරනට විට ඒකට විරුද්ධව කතා කළා. පෙරලා ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විට අපි ඒකත් හෙළා දැක්කා. ඊට කණගාටුව ප්‍රකාශ කළා. අපිට තියෙන්නේ නොබැදි විදේස් ප්‍රතිපත්තියක් තියෙනවා වගේම අපි යුද්ධයට විරුද්ධ රටක්. අපි සාමයට කැමැති රටක්. අපි දරුවන් මැරෙනවට කැමැති නෑ. ඒක සිංහලද, දෙමළද, මුස්ලිම්ද යුදෙව්ද කියන එක අදාල නෑ. අපිට ලෝකයේ කවුරුවත් මරණවට අපි විරුද්ධයි. හැබැයි අf් රටවල්වල ඉන්න අපේ දේශපාලඥයින් කාලයකට වද කොත්තු, වද යට ඇදුම් කියලා මුස්ලිම් ජනතාව කොන් කරලා සිංහල ජනතාවගේ ඡන්ද ගන්න උගුල් ඇටවීමට උත්සාහ කළා වගේම තවත් කණ්ඩායම් වෙනත් ස්වරුපයකින් ඇවිත් මුස්ලිම් ඡන්ද ගන්න අලුත් ස්වරූපයකින් ඇවිත් තියෙනවා. මුස්ලිම් ජනතාව රවට්ටන්න හදනවා.

ලෝකයේ බලවත් රටවල් ඊශ්‍රායලය සමගත්, පලස්තනය සමගත් සම්බන්තා පවත්වා ගනිද්දී ලෝකයේ කේවල් කිරීමේ බලයක් නැති අපේ රටේ සමහර අය ඇවිත් ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම නතර කරන්න කියලා කියනවා. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නතර කරන්න කියලා. අපේ දරුවන් හම්බකරගෙන ඇවිත් ව්‍යවසායකයින් වෙලා කාගේවත් ටකරම් කොලයට යට නොවූ නැගි සිටීවී කියන බය තමයි මේ අයට තියෙන්නේ. වැලිසිකිළි කටට, ටකරම් කොලයට, ආණ්ඩුවේ රස්සාවට තරුණයින් යට කරන්න බැහැ. ඒ නිසා තමයි පටු දේශපාලනයක් බලාගෙන ඉන්න මේ අය තරුණයින්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලැබෙන විට ඒවාට විරුද්ධ වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?