විදෙස් ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ

විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ මුදල් ප්‍රේෂණ අනුව විදුලි වාහන ආනයනය කිරීමට ලබාදී ඇති කාලය මේ වසරේ අගෝස්තු මාසය දක්වා දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

පෞද්ගලික පදනමින් මෙරටට ඩොලර් ගෙන එන වෙනත් පුද්ගලයින්ට ද විදුලි වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ යාන්ත්‍රණයක් සකස් කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව බලපත්‍ර නිකුත් කිරීමේ කාලසීමාව පසුගිය 2022 වසරේ මැයි මාසයේ සිට දෙසැම්බර් 31 දක්වා සීමා කර තිබූ අතර එම කාලය අගෝස්තු දක්වා දීර්ඝ කරන බවයි.

උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

ගිය අවුරුද්දේ මාර්තු වෙනකොට අපේ රට තිබුණේ කොහෙද කියලා හැමෝටම අමතක වෙලා. මීට වසරකට පෙර ඉන්ධන පෝලිම් තිබුණා සේම අදත් පෝලිම් තිබෙන්නට පුළුවන්. ඉන්ධන පිරවුම්හල් හිමියන් තෙල් ඇණවුම් නොකරන්නේ මිල අඩු වනු ඇතැයි අපේක්ෂාවෙන්. ඉස්සර තෙල් පෝලිම් තිබුණ බව මතක තියාගන්න එක හොඳයි. පසුගිය කාලයේ විදුලිය නොමැතිව පැය අටක් දහයක් ජනතාව සිටියේ අඳුරේ බව මතක තබා ගැනීමත් හොඳයි. නමුත් දැන් විදුලි කප්පාදුවක් නැහැ. පාරවල්වල තෙල් පෝලිම් නැහැ. බෙහෙත් ගත්තත් අවුලක් නෑ. පසුගිය වසරේ මාර්තු, අප්‍රේල්, මැයි මාසය වන විට ඉන්ධන පිරවුම්හලකින් වාහනය ධාවනය කළ නොහැකි තත්ත්වයක් තිබුණා.

බොහෝ අය රට හැර ගියා. මේ රට නීතිය හා සාමය නැති ජීවත් වෙන්න බැරි රටක් බවට පත්වෙලා තිබුණා. මහා පරිමාණ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර ඩුබායි වැනි රටවලට ගෙන ගියා. අපනයනකරුවන් රටට ලැබිය යුතු මුදල් ගෙනාවේ නැහැ. රට අගාධයකට වැටුණා. එදා තමයි අපි මේ රට ගොඩගැනීමේ අභියෝගය භාර ගත්තේ. අපි වගකීම ගත්තා. අපි රටට ඩොලර් ගෙන ඒමේ වැඩපිළිවෙළක් ගෙනාවා. විදේශගත ශ්‍රමිකයන්ට ප්‍රතිලාභ ලබාදීමට අපි කටයුතු කළා.

විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් එව්වේ ඔවුන්ට විශ්වාසය ගැන ප්‍රශ්න ඇති නිසාත්, උණ්ඩියල් වැනි නීති විරෝධී ක්‍රම මගින් මුදල් එවීමෙන් වැඩි දියුණු කළ මුදල් අනුපාත ලබාගත හැකි නිසාත්. එය වෙනස් කිරීමට විදේශගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමට කටයුතු කළා. මේ යෝජනාව ගෙනාපු වෙලාවේ කැබිනට් මණ්ඩලය සම්පූර්ණ සහයෝගය දුන්නා.

විදුලි වාහන පමණක් ආනයනය කිරීමට අපේ රටේ තවමත් තීරණයක් ගෙන නැහැ. නමුත් රජයක් ලෙස අපි පුනර්ජනනීය බලශක්ති සහ හරිත බලශක්ති ප්‍රභවයන් වෙත යාමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. රජයක් ලෙස අපේ ප්‍රතිපත්තිය විදුලි වාහන පමණක් ආනයනය කිරීම වඩා හොඳයි.. රාජ්‍ය අංශයට මිලදී ගන්නා සියලුම වාහන ඉදිරියේදී විදුලි වාහන පමණක් බවට තීරණය කර තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස විදුලි වාහන ආනයනය කිරීමට විදේශීය ශ්‍රමිකයන්ට අවසර දෙන විට අපි බොහෝ පිරිසක් හමුවී ඔවුන්ගේ අදහස් ලබාගෙන අදාළ නිලධාරීන්ට ඉදිරිපත් කළා. අමාත්‍යවරු නොපමාව සෘජු තීරණ ගත්තද තම සාම්ප්‍රදායික චින්තනයේ සිරවී සිටින ඇතැම් නිලධාරීන් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළා.

එහිදී මෙම තීරණය නොපමාව ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.
විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට අවසර දෙන විට ඇතැමුන් කියා සිටියේ මෙය තවත් දේශපාලන ගේම් එකක් බවයි. මේ ආණ්ඩුව ජනතාවාදී දේශපාලනය අනුමත කරන්නේ නැහැ. ඒ නිසා තමයි හැකි සෑම පුරවැසියෙකුටම සහන දෙන්න බලාගෙන බදු වැඩි කළේ. පොලී අනුපාත අඩුවෙලා. අද වන විට ඉන්ධන බෙදා හැරීම විවිධාංගීකරණය වෙමින් පවතිනවා. නිවැරැදිව කටයුතු කිරීමෙන් විදේශගත ශ්‍රමිකයන් කරන කාර්යයට ප්‍රතිඋපකාර කිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. විදේශගත ශ්‍රමිකයින් සඳහා වාහන ආනයනය කිරීමේ අවස්ථාව පසුගිය වසරේ මැයි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා සීමා කර තිබුණා. නීත්‍යානුකූලව මෙරටට මුදල් එවූ අයට මේ වසරේ අගෝස්තු මාසය අවසන් වනතුරු වාහන ගෙන්වීමට හැකිවන පරිදි අදාළ සංශෝධන අපි සිදු කරනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවනවා. ඒ වගේම පුද්ගලිකව රටට ඩොලර් ගේන අය ඉන්නවා නම් ඒ අයටත් විදුලි වාහන ගෙන්වන්න අවසර දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42