විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට නිවේදනයක්

දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා මුදල් ගසාකෑමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අදාළ රටවල්වල රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයාදෙන බව පවසා, වංචනික පිරිසක් විසින් එළෙස මුදල් ගසාකෑමේ ජාවාරමක් සිදුකරන බව එම කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවාගැනීම් හා පුහුණු කිරිම් කාර්යාංශය මගින් පමණක්ම විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවය.

ජපානයේ රැකියා සඳහා ද දෙරට අතර ඇති කරගෙන ඇති ගිවිසුමට අනුව රාජ්‍ය බඳවාගැනීම් කාර්යංශය මගින් හා අවසරලත් බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින් පමණක් සිදු කෙරෙන බව ද දැනුම්දෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,

ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම දෙරට අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුමට අනුව කාර්යාංශය විසින් සිදු කරයි. මෙයට අමතරව ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින්ද සිදු කරයි.

අදාල රටවල්වල බලයලත් ආයතන විසින් අනුමත කර ඇති වියදම් සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් අය කෙරේ.

මේ හැර අයදුම්කරුවන් බඳවා ගැනීමට කිසිඳු පුද්ගලයකු විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය හෝ කාර්යාංශය විසින් පත් කර නැත.

සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිතා කරමින් මෙවැනි රැකියා ජාවාරම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයූතු සිදු කරයි.

එබැවින්, මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුනොවන මෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා සහ කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත දැක්වෙන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

තොරතුරු මධ්‍යස්ථානය 1989
විශේෂ විමර්ශන අංශය 011 2864142 හෝ 011 2864118

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20