විදෙස් රැකියා ගැන ග්‍රාමීය වශයෙන් දැනුවත් කිරීම ඉහළ නැංවීමට අවධානය

විදෙස්ගත වන ශ්‍රමිකයන් ප්‍රායෝගික පුහුණුවක් සහිත පාඨමාලාවන් හැදෑරීම මගින් විදේශ රැකියා සම්බන්ධයෙන් ලබා ගත හැකි උපරිම විදේශ විනිමය සහ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි බවත් ඒ පිළිබඳ කටයුතු කිරීම වැදගත් බවත් විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

මෙහිදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා සඳහන් කළේ ග්‍රාම නිලධාරිවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම ජනතා නියෝජිතයන්ද දැනුවත් කිරීම පිණිස විදේශ රැකියා සම්බන්ධ තොරතුරු ඇතුළත් අත්පොතක් නිර්මාණය කර ඇති බවයි.

එය මුද්‍රිත මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඉහත සඳහන් කාර්යාල සහ පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

ග්‍රාමීය මට්ටමේ සිටින පුද්ගලයන්ට විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධවීමේදී නිවැරදි හා නිශ්චිත තොරතුරු ලබාගැනීමේ ගැටළුවක් පවතින බැවින් ව්‍යාජ ආයතන හෝ නියෝජිතයන්ගේ වංචා සහගත ක්‍රියාවන්ට ගොදුරුවීම මඟින් ඔවුන් සතු කාලය සහ මුදල් විනාශ වන බව කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා.

එබැවින් මෙම වැඩසටහන දීර්ඝකාලීනව පවත්වාගත යුතු බවයි කාරක සභාවේ සභාපතිවරයා විසින් අවධාරණය කළේ.

මීට අමතරව, සේවක අර්ථසාධක අරමුදලෙහි ආයෝජන තීරණ ගැනීමේදී කම්කරු අමාත්‍යංශයේ නිලධාරී නියෝජනයක්ද ලබාගැනීම වැදගත් බව ද කමිටුවේදී සාකච්ඡා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20