spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් රැකියා ගැන ග්‍රාමීය වශයෙන් දැනුවත් කිරීම ඉහළ නැංවීමට අවධානය

විදෙස්ගත වන ශ්‍රමිකයන් ප්‍රායෝගික පුහුණුවක් සහිත පාඨමාලාවන් හැදෑරීම මගින් විදේශ රැකියා සම්බන්ධයෙන් ලබා ගත හැකි උපරිම විදේශ විනිමය සහ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි බවත් ඒ පිළිබඳ කටයුතු කිරීම වැදගත් බවත් විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

මෙහිදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා සඳහන් කළේ ග්‍රාම නිලධාරිවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම ජනතා නියෝජිතයන්ද දැනුවත් කිරීම පිණිස විදේශ රැකියා සම්බන්ධ තොරතුරු ඇතුළත් අත්පොතක් නිර්මාණය කර ඇති බවයි.

එය මුද්‍රිත මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඉහත සඳහන් කාර්යාල සහ පුද්ගලයන් වෙත ලබාදීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

ග්‍රාමීය මට්ටමේ සිටින පුද්ගලයන්ට විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධවීමේදී නිවැරදි හා නිශ්චිත තොරතුරු ලබාගැනීමේ ගැටළුවක් පවතින බැවින් ව්‍යාජ ආයතන හෝ නියෝජිතයන්ගේ වංචා සහගත ක්‍රියාවන්ට ගොදුරුවීම මඟින් ඔවුන් සතු කාලය සහ මුදල් විනාශ වන බව කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා.

එබැවින් මෙම වැඩසටහන දීර්ඝකාලීනව පවත්වාගත යුතු බවයි කාරක සභාවේ සභාපතිවරයා විසින් අවධාරණය කළේ.

මීට අමතරව, සේවක අර්ථසාධක අරමුදලෙහි ආයෝජන තීරණ ගැනීමේදී කම්කරු අමාත්‍යංශයේ නිලධාරී නියෝජනයක්ද ලබාගැනීම වැදගත් බව ද කමිටුවේදී සාකච්ඡා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?