විදෙස් රැකියා අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලය, දකුණු කොරියාව, පෝලන්තය, රුමේනියාව,ජපානය, මැලේසියාව සහ මාලදිවයින වැනි රටවල රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමට උනන්දුවක් දැක්වීම හේතුවෙන් ඉහත රටවල රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල දැන්වීම් පළකරමින් මුදල් ලබාගන්නා වංචාකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් තිබේ. විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ බලපත්‍රයක් හිමි නීත්‍යානුකූල ආයතනයක්ද යන්න සොයාබලන ලෙසද කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියෙන් හෝ කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් මහජනතාවට රැකියා නියෝජිතායතනවල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු දැනගත හැකි බවද එම කාර්යාංශය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26