විදෙස් දුම්වැටි 21,200ක් සමග අයෙක් STF භාරයට

රජයට අය විය යුතු විශාල තීරු බදු මුදලක් අහිමි කරමින් හොර රහසේ මෙරටට ගෙන්වන ලද විවිධ වර්ගයේ නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගමුව පොලිස් වසමේ මීගමුව බන්ධනාගාර පාර, එකමුතු පාර – කෙලවර ප්‍රදේශයේ දීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී දුම්වැටි 21,200ක් සොයාගෙන තිබෙනවා.

එම දුම්වැටි වර්ග අතර Manchester red වර්ගයේ දුම්වැටි 400 ක්, Manchester double drive වර්ගයේ දුම්වැටි 1,600 ක් සහ Platinum seven වර්ගයේ දුම්වැටි 19,200 ක් සමගින් දුම්වැටි 21,200 ක තොගයක් තිබී ඇති බවයි පැවසෙන්නේ.

මෙම දුම්වැටි අලෙවිය සඳහා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු 43 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20