විදෙස් දුම්වැටි තොගයක් කටුනායකින් පන්න ගන්න හැදූ චීනෙක් අත්අඩංගුවට

ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්‌යංශ කටුනායක ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි 14600ක් (කාටුන් 73) සමඟ විදෙස් ජාතික සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 52 ක් වන චීන ජාතිකයෙක්.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපොල ඒකකය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්