විදෙස් කිරිපිටි නැති වෙද්දී මිල්කෝ සමාගම අගෝස්තු මාසයේ ලැබූ ආදායම

කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් පසුගිය අගෝස්තු මස රුපියල් බිලියන 1.25ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව මිල්කෝ සමාගම පවසනවා.

මිල්කෝ ආයතනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි අභියෝග සඳහා අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් සහ මිල්කෝ ආයතනයේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

ආයතනය සහ කිරි ගොවියා අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම මුලික අවශ්‍යතාවයක් බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කිරිගොවි බලමණ්ඩල 91 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවත් එය ඉදිරියේදී පදනමක් බවට පත් කරන බවත් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ එහිදී පැවසීය.

එමෙන්ම සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සහ මිල්කෝ ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරීන් අතර සහයෝගීතාවය වර්ධනය කරවීමේ අවශ්‍ය මූලික ක්‍රමෝපාය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

කිරි ගොවීන්ට වැඩි වරප්‍රසාද ලබා දීමටත් භුමියේ සක්‍රියව වැඩ කරන කිරි ගොවින් හඳුනා ගැනීමටත් වැඩි පහසුවක් සිදුවන බවද ඔහු පෙන්වා දෙනු ලැබුවා.

දැනට සිදු කරන දෛනික කිරි එකතු කිරීමේ ප්‍රමාණය ඉදිරියේදී දෙගුණයක් කිරීමට කඩිනමින් ගත හැකි ක්‍රමෝපායන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා ලක් විය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18