විදුහල්පතිවරුන් එක්දින වැඩ වර්ජනයකට සූදානමින්

ලබන 15 වනදා දිවයින පුරා සිටින විදුහල්පතිවරුන් එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුහල්පති සංගමය පවසනවා.

ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවා ඇති ලිපියකයි මේ බව සදහන් වන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයින පුරා පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන් 1597 දෙනෙකුට වසර දෙකක කාලයක් පුරා උසස් වීම් ලබා දීමට රජය අහොහොසත් වී ඇති බවයි.

එමෙන්ම තම අයිතිවාසිකම් ඉල්ලා සිටින ජනතාවට සහ අසාධාරණයන්ට ලක්වූවන්ට රජය විසින් මුදා හරින පීඩනයට එරෙහිව මෙන්ම නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකිරීමට එරෙහිව මෙම සංකේත වැඩ වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇතැයි එම ලිපියේ දැක්වෙනවා.

විදුහල්පතිවරුන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් පසුගිය 28 වැනිදා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා සමග සාකච්ඡාවක් පවත්වන ලද අතර එම සාකච්ඡාවට සහභාගී වූ ඇතැම් නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා අනුව පෙනී යන්නේ මෙම ගැටළුවලට කඩිනමින් විසඳුමක් නොලැබෙන බවක් යැයි එම ලිපියේ සදහන්.

ලංකා විදුහල්පති සංගමයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ලිපිය පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25