spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුහල්පතිවරුන් එක්දින වැඩ වර්ජනයකට සූදානමින්

ලබන 15 වනදා දිවයින පුරා සිටින විදුහල්පතිවරුන් එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුහල්පති සංගමය පවසනවා.

ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවා ඇති ලිපියකයි මේ බව සදහන් වන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයින පුරා පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන් 1597 දෙනෙකුට වසර දෙකක කාලයක් පුරා උසස් වීම් ලබා දීමට රජය අහොහොසත් වී ඇති බවයි.

එමෙන්ම තම අයිතිවාසිකම් ඉල්ලා සිටින ජනතාවට සහ අසාධාරණයන්ට ලක්වූවන්ට රජය විසින් මුදා හරින පීඩනයට එරෙහිව මෙන්ම නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකිරීමට එරෙහිව මෙම සංකේත වැඩ වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇතැයි එම ලිපියේ දැක්වෙනවා.

විදුහල්පතිවරුන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් පසුගිය 28 වැනිදා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා සමග සාකච්ඡාවක් පවත්වන ලද අතර එම සාකච්ඡාවට සහභාගී වූ ඇතැම් නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා අනුව පෙනී යන්නේ මෙම ගැටළුවලට කඩිනමින් විසඳුමක් නොලැබෙන බවක් යැයි එම ලිපියේ සදහන්.

ලංකා විදුහල්පති සංගමයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ලිපිය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?