විදුහල්පතිවරයෙකුගෙන් පිරිමි ළමුන් තිදෙනකුට ලිංගික අතවර(වීඩියෝ)

විදුහල්පතිවරයෙකු විසින් තමා සේවය කරන ලද පාසලේ පිරිමි ළමුන් කිහිපදෙනෙකු අපයෝජනයට ලක් කර ඇති පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ කතරගම ගෝතමීගම කනිෂ්ඨ විද්‍යාලයෙන්.

සැකකාර විදුහල්පතිවරයාගේ ලිංගික අතවරයට ලක් ව ඇත්තේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකු ඇතුළු ඔහුගේ සමවයස් මිත්‍රයින් බවත් හෙළි ව තිබෙනවා.

ලිංගික හිංසනයට ලක් වූ එක් පිරිමි දරුවෙකු තමන් මුහුණදුන් හිංසනය පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර; විදුහල්පතිවරයා විසින් තමන් 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී 8 ශ්‍රේණියට අසමත් කළ බව ද සඳහන් කළා.

එමෙන්ම සැකකාර විදුහල්පතිවරයා තමන්ට ඔහු සමග අයුතු අයුරින් ලිංගිකව හැසිරීමට යෝජනා කළ ද, තමන් එය ප්‍රතික්ෂේප කළ බවත්, නමුත් එක් අවස්ථාවක දී බලහත්කාරයෙන් තමන්ට ලිංගික අතවර සිදු කළ බවත් එම දරුවා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් පසුව එම දරුවා ඒ බව දෙමාපියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් කතරගම පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවයි පැවසෙන්නේ.

ඉන් අනතුරුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර; පසුව හෙළි ව ඇත්තේ මෙවැනි සිද්ධි කිහිපයකටම පාසලේ තවත් පිරිමි දරුවන් කිහිපදෙනෙකු ද ලක් ව ඇති බවයි.

පසුව සැකකාර විදුහල්පතිවරයා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකරුව අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලිංගික හිංසනයන්ට ලක් වූ දරුවන් මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23