විදුලි සෝපානයේ සිරවූ මන්ත්‍රීවරුන් දෙදෙනා

අද මුළු දිවයිනටම බලපෑ විදුලිය විසන්ධි වීමත් සමග පාර්ලිමේන්තුවේ ද විදුලි සැපයුමට බාධා එල්ලවුවා. මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුටද අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

ඒ චමින්ද විජේසිරි සහ ලලිත් එල්ලාවල කියන මන්ත්‍රීවරුන් දෙදෙනාටයි. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා විදුලි විසන්ධිවීම සිදුවන අවස්ථාවේදී විදුලි සෝපානයේ සිට ඇත්තේ.

කෙසේ වුවත් මන්ත්‍රීවරුන් දෙදෙනාට මිනිත්තු 15ක කාලයක් එලෙස විදුලි සෝපානයේ සිරවී සිටීමට සිදුවී ඇති අතර අතිරේක විදුලි ජනන යන්ත්‍ර මගින් පාර්ලිමේන්තු සංකිර්ණයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු ඔවුන්ට ඉන් එලියට ඒමට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්