විදුලි සේවකයින් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අද සිට තවත් තීව්‍ර කරයි

විදුලි සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (06) පස්වරුවේ සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ, අනුව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු අද දිනයේ සිට නතර කරන බවයි එම සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ සඳහන් කළේ.

එමෙන්ම පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ සිදුව ඇති විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සමඟ ප්‍රමාද විය හැකි බවයි එම වෘත්තිය සමිති පවසන්නේ.

මේ අතර දිවයින පුරා විදුලිය බිඳ වැටීම් තිස් දහසක් පමණ වාර්තා වන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවසුවේ.

රජය විසින් අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විදුලි සේවකයින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළඹ සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14