විදුලි සැර වැදී කෑගසමින් සිටි ළමුන් දෙදෙනෙක් පොලිසියෙන් බේරාගෙන

දර කැපීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙක් විදුලි සැර වැදී කෑගසමින් සිටිය දී පොලිස් නිලධාරීන් විසින් බේරාගත් පුවතක් වටවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වයස අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන මෙම ළමුන් දෙදෙනා වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්තේ දර කැපීමට ගොස් තිබෙනවා.

මෙම ළමුන් දෙදෙනා දර කැපීමට ගසකට නැග ඇති අතර, එම අවස්ථාවේ ගසට ඉහළින් ඇද තිබූ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ගසේ ගැටීම නිසා ගස දිගේ විදුලිය කාන්දු වී තිබෙනවා.

විදුලි සැර වැදී කෑ ගසමින් සිටි ළමුන් සම්බන්ධයෙන් එම වතුයායේ කම්කරුවන් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, අනතුරුව පොලිසිය නෝටන්බ්‍රිජ් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරිවරයා වෙත මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරව අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ විදුලි බලය වහාම විසන්ධි කිරීමෙන් පසුව විදුලි සැර වැදුණු ළමුන් දෙදෙනා ඉන් මුදාගෙන රෝහල් ගතකර ඇති බවයි වාර්තා තොරතුරැ වාර්තා වුණේ.

විදුලි සැර වැදී සිටි එක් ළමයෙකුගේ සිරුරේ ස්ථාන කිහිපයක් පිලිස්සුම් තුවාල ඇති බවත් අනෙක් ළමයා කම්පනයට පත්ව ඇති බවත් පොලිසිය සඳහන් කළා.

මේ අතර විදුලි රැහැක් පද්ධතියේ ගැටෙමින් තිබූ ගසේ අතු කපා දැමීමට විදුලි බල මණ්ඩලයේ ආතුරුව පියවර ගෙන ඇති බව දසත නිවුස් වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48