විදුලි සැරට තවත් වන අලියෙක් බිලි

අරලගංවිල යාය 4 ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියකු මියගොස් තිබෙනවා.

පිඹුරත්තෑව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කළේ මියගොස් ඇති වන අලියා අවුරුදු 40ක් පමණ වයසැති පිරිමි සතෙකු බවයි.

මෙම විදුලි රැහැන් ඇදීමට සම්බන්ධ අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තම ගෙවත්ත වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක මෙම අලියා ගැටී ඇති අතර එම විදුලි රැහැන් නිවසේ සඟවා තිබියදී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු හෙට (06) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවට තිබෙනවා.

මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සවස ගිරිතලේ වන වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

මේ අතර මහියංගණය විල්ලුපිටිය වැවේ පිටවාන තුල ද වන අලියෙකු මියගොස් තිබෙනවා. විදුලි සැර වැදීම හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

අවුරුදු 18ක පමණ වයසකින් යුත් මෙම වන අලියා අද උදෑසන මරණයට පත්ව ඇතැයි සඳහන්.

සිද්ධියට අදාළව කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මහියංගණය පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44