spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි සැරට තවත් වන අලියෙක් බිලි

අරලගංවිල යාය 4 ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියකු මියගොස් තිබෙනවා.

පිඹුරත්තෑව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කළේ මියගොස් ඇති වන අලියා අවුරුදු 40ක් පමණ වයසැති පිරිමි සතෙකු බවයි.

මෙම විදුලි රැහැන් ඇදීමට සම්බන්ධ අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තම ගෙවත්ත වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක මෙම අලියා ගැටී ඇති අතර එම විදුලි රැහැන් නිවසේ සඟවා තිබියදී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු හෙට (06) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවට තිබෙනවා.

මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සවස ගිරිතලේ වන වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

මේ අතර මහියංගණය විල්ලුපිටිය වැවේ පිටවාන තුල ද වන අලියෙකු මියගොස් තිබෙනවා. විදුලි සැර වැදීම හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

අවුරුදු 18ක පමණ වයසකින් යුත් මෙම වන අලියා අද උදෑසන මරණයට පත්ව ඇතැයි සඳහන්.

සිද්ධියට අදාළව කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මහියංගණය පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?