විදුලි සංදේශ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් පසුගිය 25 වනදා දින පාර්ලිමේන්තුවේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේ මෙම අනුමතිය ලබාදීම සිදු වුණා.

නීතිපති දෙපාර්තමේන්තුව, තාක්ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම රැස්වීමට එක්ව සිටියා.

1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පසුගියදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

මේ අනුව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරමින් අවශ්‍ය සියලු සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ලොව තාක්ෂණික ප්‍රවණතා සමග මෙම පනත සංශෝධනය වීම කාලීන අවශ්‍යතාවක් බැවින් මීට පෙර අවස්ථා තුනකදී අමාත්‍ය අනුකාරක සභා මගින් මෙම පනත් කෙටුම්පත සංශෝධනය සදහා කටයුතු කළ ද එය ඉටුනොවූ බව ද නිලධාරීන් පැවසුවා.
.
මේ අනුව මේ වන විට ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම පනත් කෙටුම්පත පිළියෙල කළ බව ද නිලධාරීන් සඳහන් කළා.

මේ අනුව වඩාත් තරඟකාරී වෙළඳපොලක් තුළ පාරිභෝගිකයාට සාධාරණයක් ඉෂ්ට වන නියාමනයක් සඳහා ඉඩප්‍රස්ථාව මෙමගින් සළසා දී තිබෙනවා.

විදුලි සංදේශ සංඛ්‍යාත ලබා දීමේදී තරගකාරි ක්‍රමවේදයක් යටතේ යාන්ත්‍රණයක් හදුන්වාදීම මෙමගින් සිදුවන බව ද මෙහිදී අනාවරණය වුණා.

මේ අනුව ඊට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කළ යුතු බව ද මේ අනුව නව තාක්ෂණය පහසුවෙන් මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට හදුන්වාදීමට අවස්ථාව උදාවීම මෙන්ම මෙම ව්‍යපාරය සිදුකරන ආයතන මනා ලෙස නියාමනය කිරීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දුන්නා.

එසේම දැනට පවතින විදුලි සංදේශ පද්ධති බලපත්‍ර සහ සංඛ්‍යාත බලපත්‍ර ලබාදීමට අමතරව තවත් බලපත්‍රවර්ග 03ක් මෙම සංශෝධන හරහා හදුන්වාදීම සිදුවන බව ද මෙහිදී අනාවරණය වුණා.

මේ හරහා විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට අමතරව යටිතල පහසුකම් සපයන සමගම්වලට ද බලපත්‍ර ලබාදීම සිදුකෙරෙනවා.

එසේම මෙම සංශෝධන හරහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලතල ශක්තිමත් වන බවත් නිලධාරීහු පැවසුවා.

එසේම ලොව වඩාත් සාධනීය පියවරක් වන වෙළඳපොළ තරගකාරීත්වය තුළ ගාස්තු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට මෙම සංශෝධන හරහා අවස්ථාව ඇති බව ද නිලධාරීහු පෙන්වා දුන්නා.

එසේම මුහුදු මාර්ගයේ විදුලි සංදේශ රැහැන්වල ආරක්ෂාව සදහා ද සංශෝධන ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී සාකච්ඡා වුණා.

කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ විදුලි සංදේශ තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින් එම තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගැනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට මෙරට නීති සකස් විය යුතු බවයි.

එසේම වෙළඳපොළ තරගකාරීත්වය තුළ නව තාක්ෂණය හදුන්වාදීමටත් එහි වාසිය පාරිභෝගිකයාට හිමිවීමටත් මෙම සංශෝධන වඩාත් සාධනීය ඉදිරි පියවරක් වනු ඇති බව ද කාරක සභා සභාපතිවරයා සදහන් කළා.

එසේම මෙම පනත රජයේ මුදල් කාරක සභාවේ දී සලකා බැලෙන්නේ රාජ්‍ය මුදල් හා සම්බන්ධ කාරණා, වෙළදපොළ තරගකාරීත්වය සහ විනිවිද බව, පාරිභෝගික සාධාරණත්වය ආදිය විමර්ශනය සදහා බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04