විදුලි වාහන නිසා චීනයට අලුත් ප්‍රශ්නයක්

චීනයේ මෑතකදී අතිශය ජනප්‍රිය වී ඇති මීටර් 05කට වඩා දිග සහ ටොන් තුනකට වඩා බරින් යුත් දැවැන්ත ප්‍රමාණයේ විද්‍යුත් වාහන (EV) එරට මාර්ග පද්ධතියට දැඩි හානි පමුණුවමින් පවතින බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කරනවා.

මෙම වාහනවල ඇති අධික බර නිසා මාර්ග ඉක්මනින් විනාශ වීමට ලක්වන අතර, සාම්ප්‍රදායික ඉන්ධන බදු අහිමි වීම හේතුවෙන් එම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට නොහැකිව චීන පළාත් පාලන ආයතන දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටිනවා.

සාමාන්‍යයෙන් චීනයේ ප්‍රධාන මහා මාර්ග සඳහා බීජිං මධ්‍යම රජය ප්‍රතිපාදන වෙන් කරන අතර, ප්‍රාදේශීය මාර්ග නඩත්තු කිරීම සිදු කරනු ලබන්නේ ඉන්ධන මත පනවන බදු ආදායම පළාත් පාලන ආයතන වෙත බෙදා හැරීමෙන්.

කෙසේ වෙතත්, ඉන්ධන වාහන වෙනුවට බැටරි සහ විවිධ උපාංග නිසා අධික බරකින් යුක්ත වන මෙවැනි දැවැන්ත විද්‍යුත් වාහන භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ රජයට ලැබෙන ඉන්ධන බදු ආදායම සීග්‍රයෙන් පහත වැටෙමින් පවතිනවා.

චීන ප්‍රවාහන අමාත්‍යාංශයේ පර්යේෂණ අංශයකට අනුව, දැනට සාමාන්‍ය මාර්ග නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදනවලින් 50% ක පමණ වාර්ෂික හිඟයකට චීනය මුහුණ දී සිටින අතර ප්‍රාදේශීය මාර්ගවලින් 40% ක් පමණ අලුත්වැඩියාවන් අත්‍යවශ්‍ය නමුත් ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතහැර දමා තිබෙනවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා චීන රජය මේ වන විට විද්‍යුත් වාහන සඳහා ලබා දී තිබූ බදු සහන දැඩි ලෙස කප්පාදු කිරීමට පියවර ගනිමින් සිටිනවා.

එමෙන්ම, දිගුකාලීන විසඳුමක් ලෙස වාහනය ධාවනය කරන දුර ප්‍රමාණය මත පදනම් වූ නව බදු ක්‍රමයක් හඳුන්වා දීමට චීන ප්‍රතිපත්ති සම්පාදකයින් මේ වන විට හයිනෑන් වැනි පළාත්වල චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් නියමු ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48