විදුලි බිල 22.5%කින් පහළට (වීඩියෝ)

හෙට (16) සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (15) තීරණය කළා.

ඒ අනුව විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 22.5කින් අඩු කර තිබෙනවා.

නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 8ක්ව පැවති විදුලි ඒකකයක අවම ගාස්තුව රුපියල් 6 දක්වා අඩු වනවා.

මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලය ලබා දුන් යෝජනා අධ්‍යයන කිරීමෙන් අනතුරුව සහ මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ අදහස් ද සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නව ගාස්තු
අද ප්‍රකාශයට පත් කළා.

විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබූ සියයට 10ක් වන ගාස්තු අඩු වීම සියයට 22.5 දක්වා ඉහළ නැංවූ බවයි කොමිසම නිවේදනය කළේ.

ගාස්තු සංශෝධනයට අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා රුපියල් 8ක්ව පැවති ඒකකයක මිල රුපියල් 6ක් දක්වා අඩුකර තිබෙනවා.

විදුලි ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ පාරිභෝගිකයින් සඳහා මෙතෙක් පැවති ඒකකයක් රුපියල් 20ක්වන ගාස්තුව රුපියල් 9 දක්වා අඩු වනු ඇති.

ඒකක 30 ට අඩු විදුලි පරිභෝජනයක් ඇති පාරිභෝගිකයන් සඳහා පැවති මාසික ස්ථාවර ගාස්තුව ද රුපියල් 50කින් අඩු කර තිබෙනවා.

ඒකක 31 ත් 60ත් අතර කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද රුපියල් 50කින් අඩු කර ඇති අතර නව ස්ථාවර ගාස්තුව රුපියල් 250ක්.

විදුලි ඒකක 60 ට වඩා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ විදුලි ඒකකවල මිල අඩු වන්නේ පහත පරිදියි.

විදුලි ඒකක 0 සිට 60 දක්වා අතර කාණ්ඩයේ රුපියල් 25ක්ව පැවති විදුලි ඒකකයක මිල රුපියල් 15 දක්වා අඩු කර තිබෙනවා.

ඒකක 61ත් 90ත් අතර රුපියල් 30ක්ව පැවති ඒකකයක නව මිල රුපියල් 18ක්.

රුපියල් 50ක්ව පැවති ඒකක 91-120ත් ඒකකයක මිල රුපියල් 30 දක්වා අඩු කර තිබෙනවා.

ඒකක 121ත් 180ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා මෙතෙක් රුපියල් 50ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා සහ ඒකක 180ට වැඩි පාරිභෝගිකයින් සඳහා ඒකකයකට අය කළ රුපියල් 75ක ගාස්තුව රුපියල් 65 දක්වා අඩු කර
තිබෙනවා.

කෙසේ වෙතත් ඒකක 61 සිට 180 දක්වා වන විදුලි පාරිභෝගිකයින්ගේ මාසික ගාස්තුවේ වෙනසක් සිදු වන්නේ නැහැ.

ආගමික ස්ථානවල අඩු පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා මෙතෙක් අය කළ රුපියල් 8ක් සහ 9ක් බැගින් වූ ඒකකයක මිල රුපියල් 6 දක්වා අඩු කර තිබෙනවා.

රුපියල් 18ක් වූ ඒකක මිල රුපියල් 10 දක්වා ද රුපියල් 32ක් වූ ඒකක මිල රුපියල් 20 දක්වා ද රුපියල් 43ක් වූ ඒකක මිල රුපියල් 30 දක්වා ද අඩු වනවා.

ආගමික ස්ථානවලින් අය කළ මාසික ස්ථාවර ගාස්තුව ද අඩු කර තිබෙනවා.

මීට අමතරව පොදු කාර්යය කාණ්ඩයේ විදුලි ගාස්තු සියයට 15.9කින් අඩු වනවා.

හෝටල් සඳහා ගාස්තු අඩු වීම සියයට 26ක්.

කර්මාන්ත ශාලා සඳහා ගාස්තු අඩු වීම සියයට 25.3ක් වනවා.

රාජ්‍ය අංශය සඳහා විදුලි ගාස්තු අඩු වීම සියයට 13.6ක්.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සම්පූර්ණ විස්තරය පහතින්.

WhatsApp Image 2024 07 15 at 3.16.12 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48