විදුලි බිල හෝ ජල බිල වැඩි වනවද ඇමති රමේෂ්ගෙන් ප්‍රකාශයක්

විදුලි බිල හෝ ජල බිල වැඩි කිරීම පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සිදු කර නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට ඉදිරියේ දී සිදු විය හැකි බව ප්‍රවාහන අමාත්‍යවරයා විසින් පසුගිය දා සඳහන් කළ බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉදිරි දිනවල දී මෙරට ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම විසඳේවි යැයි බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙන ගෑස් නැව් දෙක නිදහස් කර ගැනීමට අදාළ ණයවර ලිපි මේ වන විට නිකුත් කර අවසන් කර ඇති බවත්, ඒ අනුව ඉදිරි දින වල දී උද්ගත වී ඇති ගෑස් සම්බන්ධ ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේය.

මෙම සියලු කාර්යයන් එකට එක් වී ඇත්තේ ඩීසල් මිල හා ඉන්ධන මිල සම්බන්ධ කාරණයට බවත්, රජය විසින් පවත්වාගෙන යන දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නිතිගත සංස්ථාව හා විදුලි බල මණ්ඩලය සියල්ලම ආයතන ලෙස බරපතල ලෙස පාඩු ලබන තත්ත්වයට පත් ව ඇති බවත්, යම් කිසි අවස්ථාවක මෙම පාඩුව දරාගැනීමට සිදුවන්නේ රටේ ජනතාවට බවත් එමෙන්ම මෙම ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉතාම හොඳ මුල්‍ය තත්ත්වයක් ළඟා කර දීම සම්බන්ධව සෑම පුද්ගලයෙකුම දුරදර්ශිව කටයුතු කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව, මෙකි ආයතන වලින් සහන මිලට ජනතාවට සේවා ලබා දීමට කටයුතු කරනවා මෙන්ම, ආයතනය ආරක්ෂා කර ගැනීම යන කරුණු දෙකම තුලනය වන ලෙස කටයුතු කිරීමට ද අවශ්‍ය බව හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24