විදුලි බිල වැඩි කිරීමේ අපේක්ෂාව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කියයි

විදුලි බිල යළි සංශෝදනය කිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 777ක ආදායම් අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ විදුලි බිල සංශෝදනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලැබීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.

විදුලිබල මණ්ඩලය එම ආදායමෙන් බිලියන 100ක් ලබා ගැනීමට යන්නේ ඒකකට 90ට වඩා අඩුවෙන් විදුලි පරිභෝජනයක් සිදු කරන ලක්ෂ 50ක් වන අඩු ආදායම් ලාභී ජනතාවගෙන් බවයි ජනක රත්නායක පෙන්වා දුන්නේ.

එමගින් ආර්ථිකය තවත් කඩා වැටීමකට ලක්වන අතර සදාචාරාත්මක කරුණක් ද නොවන බවයි ඔහු කියාසිටියේ.

මණ්ඩලය සියයට 70ක පමණ වැඩිවීමක් අපේක්ෂා කල ද තම කොමිසමට මෙතෙක් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව ද ජනක රත්නායක ප්‍රකාශ කළා.

මෙවර විදුලි ගාස්තු වැඩි කිරීමෙන් වැඩි බලපෑමක් සිදුවන්නේ අඩුවෙන් විදුලි පරිභෝජනය කරන ජනතාවට බව ඔහු පෙන්වා දෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් මණ්ඩලය මේවන විට මෙහෙයුම් ලාභයක් ලබමින් සිටින බව ද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේ විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් ඇත්නම් ජනවාරි 4 වනදාට පෙර දැනුම්දෙන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබුණ ද මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදු කර නෙැමති බව ද ඔහු ප්‍රකාශ කළා.

විදුලිබල පනත අනුව ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදයක් නොමැති අතර එහි ඇත්තේ පිරිවැය අය කර ගැනීමේ ක්‍රමවේදයක් බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියාසිටියා.

අවශ්‍ය ගල් අගුරු ගෙන්වා ගැනීමට හෝ ඉන්ධන ගෙන්වා ගැනීමට විදුලි බිල වැඩි කිරීමට විදුලිබල පනත අනුව හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

දැනට පවතින තත්වය අනුව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ගල් අගුරු හෝ ඉන්ධන මිල වැඩි වීමක් ලෝක වෙළඳපොලේ හෝ මෙරට ආර්ථිකයේ සිදුවී නොමැති බැවින් විදුලි බිල වැඩි නොවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනක රත්නායක ප්‍රකාශ කළා.

ඇතැම් අංශවලට විදුලිබිල සියයට 500කින් පමණ වැඩිවන අතර සුලු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ විදුලිබිල සියයට 125කින් වැඩි කිරීමට මණ්ඩලය අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරනවා.

මෙවැනි ආර්ථික තත්ත්වයක් පවතින අවස්ථාවක විදුලිබිල වැඩි කිරීම හේතුවෙන් ව්‍යාපාර තවත් අඩාල විය හැකි බවයි ජනක රත්නායක කියාසිටියේ.

විදුලිබල මණ්ඩලය විසින් පූජනීය ස්ථාන සඳහා විදුලි බිල සියයට 565කින් නැවත වැඩි කිරීමට යෝජනා කර ඇති අතර එය දරා ගැනීමට නොහැකි වනු ඇති බව ද ඔහු සඳහන් කරනවා.

එය එතරම් හොඳ ක්‍රමවේදයක් නොවනු ඇති බවයි ජනක රත්නායක ප්‍රකාශ කළේ.

මේ අතර විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් ගතවූ මාස දෙකක පමණ කාලයක් තුල කාර්මික ක්ෂේත්‍රයේ විදුලි පරිභෝජනය සියයට 15කින් අඩුවී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14