විදුලි බිල නොගෙ වූ හක්මන මැතිවරණ අපේක්ෂකයා විදුලි සේවකයින්ට සත්තම දාලා

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්දි කිරිමට නිවසට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකට සාපරාදී බලහත්කාරය පෑ පුද්ගලයෙකු අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හක්මන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරුගේ නිවසෙහි විදුලි බිල නොගෙවීමෙන් රුපියල් තිස්දහසකට වැඩි හිග මුදලක් තිබී ඇති අතර, එම හිඟ මුදල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරිමට විදුලිබල මණ්ඩලයේ සේවකයින් එම නිවසට ගොස් තිබෙනවා.

එහිදී සැකකරු විසින් විදුලි සේවකයන් බිය වැද්දීම සිදුකොට සාපරාදි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවටගත් බව සඳහන් කළ පොලිසිය ඔහු හෙට (21) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07