spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල ගෙවීමට ‘පොළියක් එක්ක’ රජයෙන් ලොකු සහනයක් දෙයි !

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට අපහසු පාරිභොගිකයින්ට විදුලි බිල මාස 24ක් තුළ වාරික ලෙස ගෙවීමේ සහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

හිඟ විදුලි බිල්පත් මාසික වාරික වශයෙන් ගෙවීමේ දී ඒ සඳහා පොලී මුදලක් අය කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි දිනවලදී ඒ සඳහා අය කර ගන්නා පොළී මුදල පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

කොවිඩ් තත්වයක් සමග විදුලිබල මණ්ඩලයට ගත වූ මාස දෙකක කාලය තුළ රුපියල් බිලියන හතලිස් හතරක මුදලක් අය විය යුතුව ඇත.

විදුලි බිල්පත ගෙවීමට හැකි ජනතාව පවා විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?