spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල ඉහළ යාම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

විදුලි බිල යළිත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් චෝදනා රැසක් එල්ලවන බවයි.

විදුලි බිල හේතුවෙන් ජනතාව විශාල අසීරුතාවකට පත්ව ඇති අතර තමා ගමන් කරන සෑම ස්ථානයකදීම ඔවුන් එම අපහසුතා පිළිබඳ ප්‍රකාශ කරන බවයි හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ.

කොලොන්න ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙහිදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂගෙන් විමසීමක් කළා.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ පක්ෂයේ තරුණයන් රැසක් සිටින අතර ඉන් එක් අයෙක් මතුවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?