spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති පුද්ගලිකව නඩු මඟට

තමාගේ අනුමැතියකින් තොරව විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව අදාළ නීතිමය කටයුතු තමන් විසින් පුද්ගලිකව ගනු ලබන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

විදෙස් ගතව සිට පැමිණ මහජන උපයෝගීතා කොමිසමේ පිහිටි සිය කාර්යාලයට අද (28) දිනයේ පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙලෙස අසාධාරණව වැඩිකළ විදුලි බිලට එරෙහිව නීතියේ පිළිසරණ පතන බවත් අඩු ආදායම් ලබන කාණ්ඩවල විදුලි බිල අඩුකර ගැනීමේ ක්‍රියාවලියට තමා පුද්ගලිකව කටයුතු කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර අද දිනයේ තම කාර්යාලයට පැමිණිය ද ඊට ඇතුළුවීමට සභාපතිවරයාට අවස්ථාව නොලැබුණේ ඊට මුද්‍රා තබා තිබීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?