spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිලේ සංශෝධනයක්

විදුලි බිලේ යම් සංශෝධනයක් විය යුතු බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යෝජනා කරනවා.

ඒ අනුව අඩු අදායම් ලාභී තීරුවල හැර, විදුලි ඒකක විශාල ප්‍රමාණයක් භාවිතා කරන කණ්ඩායම් සඳහා විදුලි බිලේ කඩිනම් සංශෝධනයක් විය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

කැබිනට් මණ්ඩලයේ සහ මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට යටත්ව මෙලෙස විදුලි බිල සංශෝධනය යම් කාලයක් තුළ සිදුකිරීමට අපේෂාකරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මෙලෙස විදුලි බිලේ සංශෝධනයක් වුවහොත් මහා පරිමාණයෙන් විදුලිය පාවිච්චිකරන කණ්ඩායමේ සඳහා විදුලි බිල තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩි වීමට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?