විදුලි බිලට ලැබුණු සහනය මෙන්න

ජූලි මස 01 වැනිදා සිට විදුලි බිල පහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඒ අනුව ඒකක 0 -30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වාද,
ඒකක 30-60 රුපියල් 20 සිට 9 දක්වාද, ඒකක 60-90 රුපියල් 30 සිට 18 දක්වාද, ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා ද අඩුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.