විදුලි බිඳ වැටීම ගැන ලංවිමෙන් විශේෂ නිවේදනයක්

සමස්ත දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම විදුලි බිඳ වැටීමෙන් පාරිභෝගික භවතුන් හට සිදු වූ අපහසුතාව පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි එම නිවේදනයෙන් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

විශේෂයෙන් මෙම අසීරු අවස්ථාවේ පාරිභෝගිකයන් මනා සංයමයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම හේතුවෙන් තම කාර්ය මණ්ඩලයට සමස්ත දිවයිනේම විදුලිය පැය 5ක පමණ කාලයකින් යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව ද ඔවුන් ප්‍රකාශ කළා.

සමස්ත දිවයිනේම විදුලිය බිඳ වැටී තිබූ මොහොතක සියලුදෙනා එකමුතුව අවබෝධයෙන් යුතුව රට ගැන සිතා තම වගකීම් සහ යුතුකම් ඉටු කිරීම නිසා ඉතා ඉක්මනින් විදුලිබල සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව ද විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

CEB Release


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16