spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිඳ වැටීම ගැන ලංවිමෙන් විශේෂ නිවේදනයක්

සමස්ත දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම විදුලි බිඳ වැටීමෙන් පාරිභෝගික භවතුන් හට සිදු වූ අපහසුතාව පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි එම නිවේදනයෙන් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

විශේෂයෙන් මෙම අසීරු අවස්ථාවේ පාරිභෝගිකයන් මනා සංයමයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම හේතුවෙන් තම කාර්ය මණ්ඩලයට සමස්ත දිවයිනේම විදුලිය පැය 5ක පමණ කාලයකින් යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව ද ඔවුන් ප්‍රකාශ කළා.

සමස්ත දිවයිනේම විදුලිය බිඳ වැටී තිබූ මොහොතක සියලුදෙනා එකමුතුව අවබෝධයෙන් යුතුව රට ගැන සිතා තම වගකීම් සහ යුතුකම් ඉටු කිරීම නිසා ඉතා ඉක්මනින් විදුලිබල සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව ද විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

CEB Release
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?