spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිඳවැටීමට හේතුව අකුණක්

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයට අකුණු සැර වැදීමක් බවට මූලික දත්තවලින් පෙනී යන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පස්වරු 5.15ට පමණ කොත්මලේ – බියගම සම්ප්‍රේෂණ මාර්ගයේ පද්ධති දෝෂයක් වාර්තා වූ අතර දිවයින පුරා විදුලිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට පැය 7කට ආසන්න කාලයක් ගත වුණා.

දීප ව්‍යාප්ත විදුලිය බිඳවැටීම හේතුවෙන් මහජනතාව පත්ව සිටියේ දැඩි අපහසුතාවයකටයි.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන දෙකක් මේ වන විට සිදුවෙමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?