විදුලි බස් රථ පොදු මගී ප්‍රවාහන සේවයට – GPS සහ E- ticketing පහසුකමත් එයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කර සිටියා.

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙමින් ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ පොදු ප්‍රවාහන සේවාව තුළ ඒකාබද්ධ කාලසටහන් සහ විද්‍යුත් ටිකට්පත් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ද සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දුන්නේ.

මේ පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී පවත් වුණා.

මේ වනවිට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි පවතින කළමනාකාරීත්ව ගැටළු හා අකාර්යක්ෂමතා හේතුවෙන් මගී ජනතාව සහ බස්රථ හිමියන්ට මුහුණදීමට සිදුව ඇති ගැටළු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, නවීන තාක්ෂණය භාවිත කරමින් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය ඇති කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

මගී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සම්බන්ධව සියලු පාර්ශ්වයන්ට ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා E- ticketing ක්‍රමය යෝජනා වී ඇති බවත්, මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කළා.

ජාතික බස් සංගම් 07ක් ද මේ වන විට ඒ සඳහා එකඟතාව පළ කර ඇති බවත්, පළාත් මට්ටමින් ද ඒ පිළිබඳ අදහස් ලබාගැනීම කඩිනමින් සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියා.

එමෙන්ම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් 09ට අදාළව නියෝජිතයන් 09 දෙනෙකු පත් කර ජාතික ගමනාගමන කොමිසන් සභාවට දැනුම් දෙන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නා.

ඉදිරියේදී බස් රථ සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේ දී GPS තාක්ෂණය සහ E- ticketing සේවාව ක්‍රියාත්මක වීම ප්‍රධාන නිර්ණායකයක් ලෙස සලකා බලන බව ද මෙහිදී සඳහන් කෙරුණු අතර, කොට්ටාව බස් නැවතුම්පොළ, මාකුඹුර බහුවිධ මගී ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීමට ද යෝජනා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
15
+1
1
+1
2
+1
2
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40