spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි පාරිභෝගිකයින්ට සතුටු හිතෙන ආරංචියක් (වීඩියෝ)

මීට පෙර ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (20) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ, අනුව අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් සමාජ ගත කළ බව කියමින්, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලීමක් කළා.

පාර්ලිමේන්තුව විසින් රුපියල් කෝටි 07ක් විදුලිබල මණ්ඩලයට පොලු තබා ඇති බවට රන්ජන් ජයලාල් ප්‍රකාශ කර ඇති බවයි
පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ, අනුව එම පුවත අසත්‍ය බවට විදුලිබල මණ්ඩලය තමා දැනුවත් කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
3
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?