spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි පාරිභෝගිකයින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ගෙන් අය කරගනු ලබන තැන්පතු මුදල් වෙනුවෙන් එම තැන්පතු මුදල් ලබාගත් දා සිට පොලිය ගෙවීමට පියවර ගත යුතු බව ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

එම සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (21) දින මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූවා.

එම අවස්ථාවේදී අදාල සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මේ බව කියා සිටියා.

විදුලි පාරිභෝගිකයින් විසින් කර තිබෙන තැන්පතු සඳහා මේ වසරේ සිට සියයට 11.67 ක වාර්ෂික පොලියක් ගෙවීමට පියවර ගන්නා බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට පෙර අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබුණා.

එහෙත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ ලංකා විදුලි පාරිභෝගික සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්දනාත් දාබරේ පාරිභෝගිකයින් විසින් අදාල මුදල තැන්පත් කළ දා සිට පොලිය ගෙවීමට පියවර ගත යුතු බව ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අදාල පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වන දා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.

විදුලි සම්බන්ධතා ලබාදීමේදී පාරිභෝගිකයින්ගෙන් අය කරනු ලබන තැන්පතු මුදල් වෙනුවෙන් විදුලි බල පනත යටතේ ගෙවිය යුතු පොලිය ගෙවීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?