විදුලි පාරිභෝගිකයින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ගෙන් අය කරගනු ලබන තැන්පතු මුදල් වෙනුවෙන් එම තැන්පතු මුදල් ලබාගත් දා සිට පොලිය ගෙවීමට පියවර ගත යුතු බව ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

එම සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (21) දින මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූවා.

එම අවස්ථාවේදී අදාල සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මේ බව කියා සිටියා.

විදුලි පාරිභෝගිකයින් විසින් කර තිබෙන තැන්පතු සඳහා මේ වසරේ සිට සියයට 11.67 ක වාර්ෂික පොලියක් ගෙවීමට පියවර ගන්නා බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට පෙර අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබුණා.

එහෙත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ ලංකා විදුලි පාරිභෝගික සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්දනාත් දාබරේ පාරිභෝගිකයින් විසින් අදාල මුදල තැන්පත් කළ දා සිට පොලිය ගෙවීමට පියවර ගත යුතු බව ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අදාල පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වන දා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.

විදුලි සම්බන්ධතා ලබාදීමේදී පාරිභෝගිකයින්ගෙන් අය කරනු ලබන තැන්පතු මුදල් වෙනුවෙන් විදුලි බල පනත යටතේ ගෙවිය යුතු පොලිය ගෙවීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13