විදුලි පංකාවක් හිසේ වැදී සිසුවෙක් මියයාමේ සිද්ධියට විදුහල්පතිට සේවා අනුයුක්තයක් (ඡායාරූප)

පුස්සැල්ලාව හින්දු ජාතික පාසලේ පන්ති කාමරයක් තුළ දී විදුලි පංකාවක් හිසේ වැදී සිසුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා ගම්පොල කලාප කාර්යාලයට අනුයුක්ත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව අනතුරින් සිසුවා තුවාල ලැබූ සිසුවා පළමුව ඇතුළත් කර පුස්සැල්ලාව – වහුගපිටිය ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට ද තීරණය කර ඇති බව අර්ථ වනවා.

සිසුවා මිය යාම මුල්කරගනිමින් දෙමව්පියන් ඇතුළු පිරිසක් පැවැත් වූ විරෝධතාවකින් පසුව මෙම තීරණ ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දෙමව්පියන් පාසල වෙත පැමිණ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, පාසල් පරිපාලනය දුර්වල බවත් පවසා මෙම විරෝධය පවත්වමින් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

ඒ, අනුව ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ගම්පොල පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසකගේ මූලිකත්වයෙන් විරෝධතාවයේ නියැලී සිටි පාසල් සංවර්ධන සමිතිය හා දෙමව්පියන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී දෙමව්පියන්ගේ මෙම ඉල්ලීම් සලකා බලා අවසන් තීරණයකට පැමිණෙන තුරු මෙම පියවරට පැමිණීමට තීන්දු වී ඇති බවයි වාර්තා වුණේ.

දෙමාපියන් මෙහිදී පවසා සිටියේ සිසුවා තුවාල ලබා බොහෝ වේලාවක් යනතුරු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට පමා කර ඇති බවයි.

ඒ, සඳහා පාසලට සහ වහුගපිටිය ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයාට ද ඔවුන් චෝදනා එල්ල කර සිටියා.

ඒ අනුව මෙම පිරිස මෙම රෝහල වෙත ගොස් වෛද්‍යවරයා සමඟ සාකච්ඡාවක් එල්ලා සිටි අතර, සහකාර පොලිස් අධිකාරීවරයා සහ පොලිස් ස්ථානාධිපතිවරුන් ඒ සඳහා මැදිහත්ව තිබෙනවා.

සිසුවා වහුගපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පොල රෝහලට රැගෙන යාමට තිබූ ගිලන් රථයේ රියදුරු නිවාඩු ලබා සිටි නිසා එය පමා වූ බවත්, ඒ අනුව තමන් පන්විලතැන්න රෝහලේ ගිලන් රථය ගෙන්වා සිසුවා ගම්පොල රෝහලට යැවූ බවත් මෙහිදී වෛද්‍යවරයා සන්ධාන කර තිබෙනවා.

නමුත් විරෝධතාව දැක්වූ පිරිස පවසා සිටියේ එවැනි තීරණයක් නොගෙන දරුවා ඉක්මනින් ගම්පොල රෝහල වෙත රැගෙන යාමට අවස්ථාව තිබූ මුත් වෛද්‍යවරයා එය පැහැර හැර ඇති බවයි.

ඔහුට තවත් චෝදනා ඇති බවද ඔවුන් පවසා සිටි අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ඉල්ලා සිටියා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඒ සඳහා පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කළ බවට විරෝධතාවයේ නිරත පිරිස වෙත දැනුම්දීමත් සමඟ පිරිස විසිර ගොස් තිබෙනවා.

මේ අතර මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41