spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ගාස්තු සංශෝධන ගැන මහජන අදහස් ලබාගැනීම අද

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම අද (15) දිනයේ සිදු කෙරෙනවා.

මෙම අදහස් ලබ ගැනීම වාචිකව සිදුකරන අතර, එය සිදුවන්නේ කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදීයි.

මෙලෙස අදහස් ලබාදීම සඳහා පුද්ගලයින් තිස්දෙනෙකු පමණ ලියාපදිංචි වී තිබෙනවා.

පසුගිය වසරේ දී ලංකා විදුලි බල මණ්ඩලය උපයාගත් ලාභය සහ එම වර්ෂය අවසන්වන විට පැවති ඉහළ ජල විදුලිය ධාරිතාව සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසට විදුලි බල මණ්ඩලයට, මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දැනුම් දෙනු ලැබුවා.

ඒ, අනුව සියයට 3.34 විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය ජනවාරි මාසයේ දී ඉදිරිපත් කළා.

මේ අතර ලබන මාර්තු මාසයට පෙර විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?