විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අවසන් තීරණය අද

2026 වසරේ දෙවන සහ තුන්වන කාර්තු සඳහා වන යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය අද (09) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වසරේ අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස පළවනදායි.

එහිදී සියයට 14.4ත් සියයට 8ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගත්තා.

මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තු සඳහා විදුලි ජනනයට අදාළ පිරිවැය ඇස්තමේන්තුවක් ජාතික පද්ධති පාලන පුද්ගලික සමාගම විසින් පසුගිය මාර්තු 27 වනදා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කෙරුණා.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම එම පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට ප්‍රධාන හේතුව බව එහි සඳහන් වුණා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ගණනය කර තිබුණේ ජාතික පද්ධති පාලන පුද්ගලික සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් පවතින බැවින් 18%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදුකළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30