විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව දැවැන්ත විරෝධයක්

විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 22වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබන්ධ වෘත්තීය සමිති සංධානය පවසනවා.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී එම විරෝධතාව ආරම්භ කරන බවයි.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ඇගලුම්, කර්මාන්ත, ඉදි කිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකම පිරිස්ද දිගින් දිගටම රජයට විරෝධය පළ කරනවා.

මේ අතර විදුලි බිල ඉහළ දැමිමට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (18) පස්වරුවේ තංගල්ල නගරයේදී පැවැත් වුණා

විදුලි ගාස්තු ඉහළ දැමීම වාහාම අත්හිටුවනු, ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුළු අත්සහය පරදවමු, ජනතාවගේ ඡන්ද අයිතියට අත නොතබමු යන සටන් පාඨ මූලික කර ගනිමින් විරෝධතාවයේ නිරත වූ උද්ඝෝෂකයන් තංගල්ල නගරයේ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

විරෝධතාවයට 1200කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රීක් සංවිධායක සුරංග සංජීව, ජාතික ජනබල වේගයේ හම්බනතොට දිස්ත්‍රීක් විධායක සභික රුවන් ප්‍රභා සෙනරත් ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14