විදුලි කප්පාදුව ගැන මානව හිමිකම් කොමිසම තවත් සාකච්ඡාවක් කැඳවයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලි කප්පාදුව සිදු කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් සඳහා මානව හිමිකම් කොමිසම අද පස්වරුවේ මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් පිරිසක් කැඳවා තිබෙනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරි තත්වයක් දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව ඔස්සේ ඇති වී ඇති බව නිරීක්ෂණය වන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියාසිටියේ.

එබැවින්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු, සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කිපදෙනෙකු අද දින සාකච්ඡාවට සහභාගී වුණා.

මෙම සාකච්ඡාවේදී මතු වු ගැටළු සම්බන්ධව කඩිනම් මැදිහත්වීමක් අත්‍යාවශ්‍ය බැවින් අද දින පස්වරු 04ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් තවත් හදිසි සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ඒ අනුව මෙම සාකච්ඡාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සඳහා ලේකම්, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, මෙන්ම ලංකා බැංකුවේ මහජන බැංකුවේ සභාපතිවරුන් කැඳවා ඇති බවයි මානව හිමිකම් කොමිසම කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25