විදුලි කප්පාදුව ගැන මානව හිමිකම් කොමිසම තවත් සාකච්ඡාවක් කැඳවයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලි කප්පාදුව සිදු කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් සඳහා මානව හිමිකම් කොමිසම අද පස්වරුවේ මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් පිරිසක් කැඳවා තිබෙනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරි තත්වයක් දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව ඔස්සේ ඇති වී ඇති බව නිරීක්ෂණය වන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියාසිටියේ.

එබැවින්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු, සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කිපදෙනෙකු අද දින සාකච්ඡාවට සහභාගී වුණා.

මෙම සාකච්ඡාවේදී මතු වු ගැටළු සම්බන්ධව කඩිනම් මැදිහත්වීමක් අත්‍යාවශ්‍ය බැවින් අද දින පස්වරු 04ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් තවත් හදිසි සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ඒ අනුව මෙම සාකච්ඡාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සඳහා ලේකම්, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, මෙන්ම ලංකා බැංකුවේ මහජන බැංකුවේ සභාපතිවරුන් කැඳවා ඇති බවයි මානව හිමිකම් කොමිසම කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00