spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි කනුව හිසට කඩාවැටි දෙදරු ⁣පියා මරුට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 194 කුරුණෑගල ජනපදය ග්‍රාම නිළධා කොට්ඨාසයේ පඩිකාරමඩුව වේරගල ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක ප්‍රධාන අතුරු මාර්ගයක් ආසන්නයේ තිබු තෙක්ක ගසක් කපා ඇති අතර පසුව එම ගස මාර්ගය අසලින් තවත් පුද්ගලික නිවසකට ගිය විදුලි රැහැන්ක් මතට වැටි ඇති අතර පසුව එම විදුලි රැහැන් සම්බන්ධ කර තිබු විදුලි කනුව මුලින් බිදි ඒ අසල සිටි පුද්ගලයකුගේ හිස මතට ඇද වැටි තිබෙනවා.

විදුලි කනුව හිසට වැටි⁣ම හේතුවෙන් එම පුද්ගයාගේ හිසට හා ශරීරයට දැඩි ලෙස තුවල සිදුවී ඇති අතර ප්‍රදේශයේ ජනතාව ලොරි රථයක් ආධාරයෙන් යකල්ල හුරුලුවැව ග්‍රාමීය රොහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබෙනවා.

අනතුරට භාජනය වු පුද්ගලයා ⁣රොහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රොහල් ප්‍රකාශකයකු සදහන් කර සිටි අතර මේ වන විටත් මියගිය පුද්ගලයාගේ මෘතදේහය යකල්ල හුරුලුවැව ග්‍රාමීය රොහල් මෘතශල්‍යාගාරයේ තැම්පත් කොට ඇති අතර මෙලෙස මිය ගොස් ඇතතේ අංක 158/බී , පඩිකාරමඩුව ලිපිනයේ පදිංචිව සිටි කේ.නලින් ප්‍රසන්න කරුණාරත්න නැමැති 39 හැවැරදී දෙදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරික්ෂක සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?