spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

විදුලිසැර වැදීමෙන් යාපනය, වන්නපනෙයි ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උසස් පෙළ හදාරමින් හරදරමින් සිටි 18 හැවිරිදි සිසුවෙක් බවයි යාපනය පොලිසිය සදහන් කළේ.

නිවසේ ගසකට ඇද තිබූ විදුලි බුබුලකින් සිසුවාට මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිසුවාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යාපනය ශික්ෂණ රෝහලට යොමුකර ඇති අතර, යාපනය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?