විදුලිය විසන්ධි කිරීම අවසන් වන දිනය රජය කියයි

වර්ෂා කාලය උදාවන තුරු විදුලිය කෙටි කාලයකට විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල වැඩබලන අමාත්‍ය දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කර සිටියා.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

විදුලිය විසන්ධි කරන සැලැස්ම සහ විදුලිය කපා හරින ප්‍රදේශ පිළිබඳ සැලැස්ම අනුමැතිය සඳහා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇතැයිද වැඩබලන අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් ආයෝජන මණ්ඩලය යටතේ එන කර්මාන්ත කලාප සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇතැයි සඳහන් කළ දිසානායක මහතා පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර හිමි කර්මාන්තකරුවන්ට විදුලිය විසන්ධි වන කාලයේදි විදුලිය ඒකකයක් වෙනුවෙන් රුපියල් 36 ක මුදලක් ගෙවීමට වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයිද ප්‍රකාශ කළේ.

ඒ වැඩපිළිවෙළ සඳහා කර්මාන්තකරුවන් ඒකරාශී කර ගැනීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරගෙන යන බව වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00