විදුලිය විසන්දී නොකරන ප්‍රදේශ ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්

දෛනික විදුලි කප්පාදුවෙන් ප්‍රධාන වශයෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් නියමිත විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති බව පවසමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්තා වනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහජන කොමිසන් සභාව කියා සිටියේ විශේෂයෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් යෝජිත විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති බවට තමන්ට දැන ගන්නට ලැබී ඇති බවයි.

කොළඹ නගරයේ ප්‍රභූ පුද්ගලයන්ගේ වාසස්ථාන පවතින ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර නොමැති බව පාරිභෝගිකයින් පෙන්වා දී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටියේ.

කොළඹ 1-10 යන ප්‍රදේශවල විදුලිය විසන්ධි කර නොමැති බව සොයා බැලීමේදී පෙනී ගිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කිසිදු භේදයකින් තොරව සියලුම පාරිභෝගිකයින්ට සාධාරණව විදුලිය විසන්ධි කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් වැනි වැදගත් යටිතල පහසුකම් ඇති ප්‍රදේශ පමණක් නියමිත විදුලි කප්පාදුවෙන් නිදහස් කළ යුතු බවට මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

මේ අතර, නියමිත පරිදි කිසියම් ප්‍රදේශයකට විදුලිය විසන්ධි නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

1987 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අමාත්‍යාංශය ඇමතීමෙන් පාරිභෝගිකයින්ට තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ඇය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව බලයට පත්වීම අපිට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් - පෙරලන්න හේතු කියන පොහොට්ටුවේ සංජීව
23:22
Video thumbnail
නාමල් ගම්මු ඉදිරියේ ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි"නඩුත් දාලා හිරෙත් දාන තැනට ඇවිත්"
13:45
Video thumbnail
එල්නීනෝ ලානීනා බලපෑම් සම්බන්ධ සාකච්ඡා ගම් නියම්ගම් කරා ද ගෙන යා යුතුයි
03:18
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03