විදුලිය නොකපන මන්ත්‍රී නිවාස ගැන ඇමතිවරිය දුන් පිළිතුර

විදුලිය විසන්ධි නොවන එහෙත් විදුලිය විසන්ධි වියයුතු ස්ථාන තිබේ නම් එම ස්ථාන වෙත ගොස් විසන්ධි කිරීමට කටයුතු කරන්නැයි තමා නිලධාරීන්ට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරිය සඳහන් කළේ රෝහලකට හෝ පාර්ලිමේන්තුවට විදුලිය සැපයීමේදී එවැනි අවස්ථා උදාවිය හැකි බවයි.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මේ බව සඳහන් කළේ මන්ත්‍රී නිවාස වෙත විදුලිය විසන්ධි නොවන බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමිනි.

“විදුලිය විසන්ධි නොවන ස්ථානවලට මන්ත්‍රී නිවාසත් අයත් වෙනවා කියන කාරණය සම්පූර්ණයෙන් අසත්‍යක්. මන්ත්‍රී නිවාස කියලා නෙමෙයි සමහර වෙලාවට පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්, රෝහලක් වෙන්න පුළුවන්. ඒකත් මම ඊයේ උපදෙස් දුන්නා නිලධාරීන්ට.. ඒ තැන විතරක් බේරලා විසන්ධි කරන්න පුළුවන් තැන් ප්‍රායෝගිකව එම ස්ථානයටම ගිහින් විසන්ධි කරන්න කියලා.” අමාත්‍යවරිය සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27