විදුලිය ගැන අලුත් තීන්දුව මෙන්න

අද (09) විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

දැනට පවතින ධාරිතාවයෙන් අද දිනයේ විදුලි ඉල්ලුම සපුරා හැකි බව ද එම කොමිසම දැනුම් දෙයි.

එසේ වුවත් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 තෙක් හැකිතාක් විදුලි පරිභෝජනය සීමා කරන ලෙස එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්