විදුලියට සහනයක්

අවශ්‍ය පරිදි ඉන්ධන ලැබුණහොත් අද (25) සහ හෙට (26) විදුලි කප්පාදුවක් සිදුකිරී‍මේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ (24) පස්වරුව වනවිට දැවි තෙල් මෙට්‍රික් ටොන් 100ක් ලැබීමත් සමග විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකිවූ බවය.

ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබීමත් සමග සැලසුම් කර තිබූ විදුලි කප්පාදුව සිදුනොකළ බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පැවසීය.

එහි කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය ද විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව පවතින බවය.
 
කෙසේ වෙතත් ඊයේ රාත්‍රී ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීම් සිදු වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.

විනාඩි 15ත් 20ත් අතර කාලයක් එලෙස විදුලි විසන්ධිවීම් සිදුව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා සඳහන් කළේ පෙර සැලසුම් කරතිබූ විදුලි කප්පාදුව නිසා ඇතැම් ප්‍රදේශවල විදුලි විසන්ධි කිරීමක් සිදුව ඇති බවය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මාසයේ පැවැත්වෙන බැවින් විදුලි කප්පාදුවක් සිදු කළහොත් සිසුන්ට එමගින් දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ  උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40